Tuesday, March 2, 2010

ගුවන් හමුදාව 59 වන සංවත්සරය සමරයි


ශ්‍රි ලංකා ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය අද අභිමානවත් අයුරින් සැමරීය.
ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු ප්‍රධාන උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී අද පැවැත්වුණේ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රෝෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි. 59 වැනි සංවත්සරය නිමිත්තෙන් දිවයින පුරා සියලු ගුවන් හමුදා කඳවුරු වලදී සැමරුම් උත්සව පැවැත්වුණු බව ගුවන් හමුදාව පවසයි.
සිය සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ කඳවුරු, ප්‍රජා සත්කාරක සේවා සහ වෛද්‍ය කඳවුරු පැවැත්වීමට ද ගුවන් හමුදාව පියවර‍ ගෙන තිබුණි. ada

0 comments:

Post a Comment