Tuesday, March 2, 2010

නීති විරෝධී නැත්නම් වත්කම් පෙන්වීමට බියවිය යුතු නෑ


නීති විරෝධී ලෙස මුදල් උපයා නොමැති නම් මහ මැතිවරණ අපේක්ෂකයින්ට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව පැෆ්රල් සංවිධානය පවසයි.
අපේක්ෂකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා විසින්ද දැනුම් දී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. එහෙත් ඇතැම් අපේක්ෂකයින් සිය වත්කම් හා බැ‍රකම් ප්‍රකාශ ලබාදීමට මැලිකමක් දක්වන බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. එම ප්‍රකාශය ලබාදීම තුළින් අපේක්ෂකයින්ට තම සද්භාවය ජනතාවට පෙන්වා දිය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ada

0 comments:

Post a Comment