Tuesday, March 2, 2010

ලංකාවේ වැඩියෙන්ම වධහිංසා පොලිසියෙන් හා පාසල්වලින්

ලංකාවේ වැඩියෙන්ම වධහිංසා පමුණුවන ආයතන දෙක ලෙස චෝදනා එල්ල වී ඇත්තේ පොලිසියට සහ පාසල් වලට බව ජන සංසදයේ ප්‍රධාන ලේකම් චිත්‍රාල් පෙරේරා මහතා අනාවරණය කළේය.
පාසල් අද වධකාගාර බවට පත්ව ඇතැයි කී පෙරේරා මහතා එසේ කීමට තරම් ළමුන් වධහිංසනයට භාජනය වන බවත් පැවසීය.
පෙරේරා මහතා එසේ පැවසුවේ නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින රැඳවියන් හට වධ හිංසන පැමිණවීම අවමන් සහගත ලෙස සැළකීම සහ තුරන් කිරීම යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ අද (02) පෙරවරුවේ පැවති වැඩමුළුවේදීය.
පාසල් ශිෂ්‍යයෙකුට ශාරීරික ද~ුවම් පැමිණවීමට, නින්දා අපහාස කිරීමට පාසලෙන් අස්කිරීමට හෝ අස්කර ගන්නා ලෙසට දෙමව්පියන්ට බලපෑම් කිරීමට විදුහල්පතිට හෝ වෙනත් අධ්‍යාපන බලධරයන්ට අයිතියක් නැතැයි පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින වින්දිතයන් ගැන පොලිස් කොමිෂමට දන්වා යැවූ විට එA සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගැනීමට බලයක් නැහැයි පිළිතුරු ලිපියක් පොලිස් කොමිෂමෙන් තමා වෙත එවන බව කී පෙරේරා මහතා 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවීම නිසා පොලිස් කොමිෂම මෙන්ම මානව හිමිකම් කොමිෂමත් අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන්නේය.
ලංකාවේ මානව හිමිකම් තත්ත‍වය ඉතාම ශෝචනීය අඩියකට වැටී ඇති බවත් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීමෙන් පසු ගන්නා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එම ආයතනය උත්සාහ නොගන්නා බවත් පෙරේරා මහතා පැවසීය.
තම සංවිධානය පෙනී සිටින්නේ වින්දිතයන් වෙනුවෙන් බව කී පෙරේරා මහතා බටහිරින් ආවේ යැයි මානව හිමිකම්වලට එරෙහිව ලොකු විරෝධයක් නිර්මාණය කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන අයම බවත් කීවේය.
මානව හිමිකම් වලට බටහිර හෝ පෙරදිග යැයි කියා භේදයක් නැති බවත් අපේ රටේ ක්‍රියාත්මක වන නීති සියල්ල බටහිරින් ආ එAවා බවත් කී පෙරේරා මහතා අපේ රටේ ක්‍රියාත්මක කරන සමහර නීති බි්‍රතාන්‍යයේ මානව හිමිකම් උල්ලංඝනය වන නිසා ඉවත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.
මානව හිමිකම් රැකීමට ලංකාවේ නීති ප්‍රමාණවත් දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පෙරේරා මහතා පිළිතුරු වශයෙන් පැවසුවේ මානව හිමිකම් රැකීමට ලංකාවේ ප්‍රමාණවත් තරම් නීති තිබුණත් ප්‍රශ්නය ඇත්තේ ඒවා භාවිතයට නොගැනීමයි කීවේය.lankae

0 comments:

Post a Comment