Tuesday, March 2, 2010

ජනරාල්ගේ අත් පත්‍රිකා විනාශ කිරීමේ තැතක්


ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් වන අත් පත්‍රිකා බෙදා හැරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ රජයේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මේ වෙනුවෙන් පොලිසියේ හා හමුදාවේ නිලධාරීන් සම්බන්ධ කර ගෙන ඇති අතර, අදාල දැනුවත් කිරීම් මේ වන විටත් සියලුම පොලිස් ස්ථානවල රජයට හිතවත් පොලිස් නිලධාරීන් වෙත දන්වා ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම මෙම අත් පත්‍රිකා ප්‍රවාහනයේදී විමසිලිමත්ව සිට, ප්‍රවාහනය කරමින් සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත් පත්‍රිකා නීති විරෝධී බව පවසමින් අත්අඩංගුවට ගැනීමත්, මෙළෙස ප්‍රවාහනය කරන පුද්ගලයින් පොලිස් භාරයට ගැනීමටත් පොලිසියට නියෝග කර ඇත. එමෙන්ම අත්අඩංගුවට ගනු ලබන අත් පත්‍රිකා නැවත වරත් අදාල පුද්ගලයින්ට ගෙන යාමට නොහැකි වන ආකාරයෙන් විනාශ කළ යුතු බවත්, කිසිදු හේතුවක් මත මේවා නැවත භාර දීමට කටයුතු නොකරන ලෙසත් නියෝග කර ඇත.
මීට අමතරව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත් පත්‍රිකා බෙදා හැරීමේ නියැලී සිටින ජනරාල්ගේ ආධාරකරුවන්ට පහර දීමට නිල් බලකායේ සාමාජිකයින් ඇතුළු මැර කණ්ඩායම් මේ වන විට සූදානම් කර අවසන් බවත්, මෙම පහරදීම්‍ වෙනුවෙන් කිසිදු පැමිණිල්ලක් පොලිසියට භාර නොගන්නා ලෙසත් අදාල අංශ විසින් දැනුවත් කර ඇත.
මේ වෙනුවෙන් රාජපක්ෂ පවුලේ ප්‍රබල සහෝදරයෙකු මුල්වී කටයුතු කරන අතර, මෙයට අමතරව මෑතකදී ආණ්ඩුවට එක්ව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවදින රතු කමිසකාරයෙකුද මුල් වී ක්‍රියා කරන බව වැඩිදුරටත් වාර්තා වේ. truth

0 comments:

Post a Comment