Tuesday, March 2, 2010

නිල් බලකාය පෙරට: නාමල්ට ඔටුනු පැළඳ වීම ජනපති බාරගනී


මෙවර මහා මැතිවරණ ප්‍රතිඵලයත් සමග එජනිස තුළ නිල් බලකායේ ප්‍රධානී නාමල් රාජපක‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් බලවත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් මධ්‍යගත කිරීමේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙයි.
මේ ව්‍යාපෘතියට ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ඍජුවම අතගසා තිඛෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සන්ධානයෙන් නාමයෝජනා ලැබුණ සුසන්තිකා ජයසිංහ, සනත් ජයසූරිය, ගීතා කුමාරසිංහ වැනි දේශපාලනයට නවකයින් වන සන්ධානයේ අපේක‍ෂක පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ඇති ජනාධිපතිවරයා මඩ දේශපාලනයේ නොයෙදෙන ලෙස අවවාද කරමින් ඔවුනට මේ දේශපාලන ගමන යන්නට වන්නේ නාමල් රාජපක‍ෂ මහතා සමඟ බව ප්‍රකාශ කොට ඇත. මේ පිරිස් තමන් බලා ගන්නා බවට ජනාධිපතිවරයා මේ හමුවේදී සහතිකයක් දුන් බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය ආරම්භයේ සිටම පවුල් වාදයට මුල් තැන ලැබුණු අතර බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව ශ්‍රීලනිපයට නායකත්වය දුන්නේත්, ශ්‍රීලනිප ආණ්ඩුවල නායකත්වය දැරුවේත් බණ්ඩාරනායකවරුය.
ශ්‍රීලනිපය තුළ අනුර බණ්ඩාරනායක මහතා ඔටුන්න හිමි කුමරු ලෙස අභිෂේක කරවීමට සිරිමා බණ්ඩාරනායක මැතිණිය විශාල උත්සාහයක් ගත්තත් එය සාර්ථක වූයේ නැත.
දැන් දෙවන පවුල් වාදයකට රටේ පාලන බලය නතුවී තිඛෙන අතර ශ්‍රීලනිපය තුළද දැන් බණ්ඩාරනායක චින්තනය කුණු කූඩයට විසිවී මහින්ද චින්තනය කරලියට පැමිණ තිබේ. එA චින්තනය තුළින් ජනාධිපති පුත් නාමල් රාජපක‍ෂ තරුණ මහතා දේශපාලන සිහසුනට ගෙන එAමේ පරිසරය සැකැසීම මේ මහා මැතිවරණයත් සමඟ කරලියට පැමිණෙනු ඇත.
ලංකාව පුරා බොහෝ ආසනවලට නිල් බලකායේ සහාය ලබමින් තරඟ කරන පිරිසක් මෙවර මැතිවරණයකට සන්ධානයේ අපේක‍ෂකයින් ලෙස ඉදිරිපත් කොට ඇති අතර එම බලකාය ඔවුන් තම බලකායේ නියමුවන් ලෙස නමින් දැක්වෙන පෝස්ටර්ද බොහෝ ආසනවල මේවන විට ප්‍රදර්ශනය කර තිඛෙනු දක්නට ලැබේ.
ජනාධිපතිවරයා සුසන්තිකා, ජයසූරිය, ගීතා වැන්නවුන් සහභාගි වූ රැස්වීමේදී මඩ ගැසීම් හා ගැටුම් ඇතිකර නොගන්නා ලෙසට කළ ප්‍රකාශයට අකුරටම පිළිපදිමින් නාමල් රාජපක‍ෂ මහතා සිය දේශපාලන ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.
නාමල් රාජපක‍ෂගේ දේශපාලන ආගමනයත් සමඟ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් දේශපාලන කලබලයකට පත්ව සිටින අතර එවැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 28 දෙනකු කොළඹට ආසන්න ප්‍රදේශයක නිවසකට රැස්වී ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන දිගු සාකච්ඡාවක යෙදුණු බවක්ද වාර්තා වේ. මේ ඇමැතිවරුන් 28 දෙනාගේ එකම අරමුණ වී ඇත්තේ මහා මැතිවරණයෙන් වැඩි මනාප ලබාගෙන මන්ත්‍රීවරුන් ලෙස යළි පත්වීමය. එසේ වුවහොත් සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි බලයක් ලැබුණහොත් තමන්ට දැඩි මතයක සිටීමට අවස්ථාව සැලැසෙන බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.
තමාගේ ඊළඟ ආණ්ඩුවේ තනතුරු ලැඛෙන්නේ පක‍ෂය ආරක‍ෂා කරමින් කැපකිරීමෙන් දේශපාලනය කරන දක‍ෂයින් හට බවත් පක‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වීම එයට සුදුසුකමක් නොවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. lankae

0 comments:

Post a Comment