Tuesday, March 2, 2010

ජනරාල්ගේ අන්තර්ජාල පෙත්සමට රජයෙන් අවහිරතා


යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නොමැතිව රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය www.freesarathfonseka.com වෙබ් අඩවිය හරහා විවෘත කළ අන්තර්ජාල පෙත්සමට රජ‍ය විසින් විවිධ බාධා එල්ල කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෙම වෙබ් අඩවි සංස්කාරකවරුන් පැවසුවේ සිය වෙබ් අඩවියට කිසියම් පිරිසක් සංවිධානාත්මකව අවහිරතා ඇති කරමින් පවතින බවයි. ඒ හේතුවෙන් එකවර වෙබ් අඩවියට පිවිසෙන ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති බවද ඔවුන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංස්කාරකවරුන් පැවසුවේ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් නොසැලි තමන් ඉදිරියටත් කටයුතු කරන අතර, මෙම වෙබ් අඩවිය හැකි ඉක්මනින් පාඨකයන්ට කිසිදු අවහිරතාවයක් නොමැතිව නැරඹිය හැකි ආකාරයෙන් සකස් කරන බවයි. truth

0 comments:

Post a Comment