Tuesday, March 2, 2010

රාවුෆ් හකීම් ගේ ආරක්ෂාව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි


ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවූෆ් හකීම් මහතාට ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
රජයේ නීතීඥවරිය මාර්ගයෙන් පොලිස්පතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ තම ආරක්ෂාව ඉවත් කළ බවට චෝදනා කරමින් රවුෆ් හකීම් මහතා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්‍ථාවේදීය.
මෙහිදි රජයේ නීතිඥවරිය කියා සිටියේ ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ දේශපාලන පක්ෂ නායකයින්ට සහ මහ ලේකම්වරුන්ට ආරක්ෂාව සැපයීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවයි.
මෙම තීරණය යටතේ රවුෆ් හකීම් මහතාටද ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව නීතීඥවරිය අධිකරණයට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ අ‍ාරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා‍ට නියෝග කර තිබුණේ ඉකුත් 25දාය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පොලිස්පතිවරයා තමන්ගේ ආරක්ෂාව ඉවත් කළ අතර එමගින් තම ජීවිතය අවදානම් තත්ත්වයකට පත්වූ බව රවුෆ් හකීම් මහතා සිය පෙත්සමෙන් දක්වා තිබුණි.
අදාළ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා‍ගෙන් කරුණු විමසා ලබන මාර්තු 02වැනිදා අධිකරණයට දන්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඒදින නිකුත් කළ නියෝගයේ සදහන්විය.ada

0 comments:

Post a Comment