Wednesday, April 21, 2010

අගමැති පුටුව දි.මු. ට


හිටපු අමාත්‍ය දි.මු. ජයරත්න මහතා මෙරට නව අග්‍රාමාත්‍යවරයා ‍වශයෙන් දිවුරුම් දෙයි. මීට ටිකවේලාවකට පෙර අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දි.මු.ජයරත්න මහතා සිය ධුරයේ දිවුරුම් දුන්නේය. වසර 60 ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන දි.මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 13 වැනි සාමාජිකයා වේ. 1931 වසරේ ජුනි 4 වැනිදා උපත ලද දි.මු. ජයරත්න මහතාගේ සම්පූර්ණ නම වන්නේ දිසානායක මුදියන්සේලාගේ ජයරත්නයි. ගම්පොළ දොළුව පන්සලෙන් මූලික අධ්‍යාපන ලද ජයරත්න මහතා ගම්පොළ සහිරා විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලැබුවේය. උප තැපැල් ස්ථාන‍ාධිපතිවරයෙකු මෙන්ම ගුරුවරයෙකු ලෙස ද කලක් වෘත්තියේ නියැළුනු දි.මු. ජයරත්න මහතා 1970 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොළ මන්ත්‍රීවරයා ලෙස ඡන්දයෙන් මැතිසභයට තේරී පත්වුණි. ඒ මහතා කලක් ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් අම‍ාත්‍යවරයා ලෙස ද තවත් වරක් සමූපකාර අමාත්‍යවරයා ලෙස ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ කටයුතු කළේය. අනතුරුව තැපැල් හා විදුලි සංදේශ, උඩරට සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන හා වැවිලි කර්මාන්ත යන අමාත්‍ය ධුර ද ඒ මහතා හෙබවිය. මෙවර ඒ මහතා මැතිසබයට පත්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙනි. adaderana

0 comments:

Post a Comment