Wednesday, April 21, 2010

බිග් බී" ජනපති හමුවෙයි


මෙම වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත IIFA 2010 සිනමා සම්මාන උළෙලේ ඉදිරි වැඩ කටයුතු සම්පාදනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි සුපිරි බොලිවුඩ් නළු, ජාත්‍යන්තර ඉන්දීය සිනමා ඇකඩමියේ සන්නාම තානාපති අමිතාබ් බච්චන් ඊයේ සන්ධ්‍යාවෙහි කොළඹ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. එහිදී මිනිත්තු 45ක පමණ කාලයක් අමිතාබ් බච්චන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දියානු සහ ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය, දෙරට සිනමා කර්මාන්තයන්ට හිමි සම්පත් හුවමාරුව වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්වී ඇත. adaderana

0 comments:

Post a Comment