Wednesday, April 21, 2010

හෙට 550 ක් යළි පදිංචි කෙරෙයි


මුලතිවු, ඔඩ්ඩුසුඩාන් නගරය තුළ හෙට දිනයේ දී පුද්ගලයින් යළි පදිංචි කරවීමට පියවර ගන්නා බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඔඩ්ඩුසුඩාන් නගරය තුළ පදිංචි කෙරෙන පිරිස 550 දෙනෙකු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශ ලේකම් යූ.එල්.එම්. හල්දීන් මහතා පවසන පරිදි දැනට වව්නි‍යාවේ ඥාතීන්ගේ නිවෙස්වල සිටින පිරිසක් මෙලෙස පදිංචි කරවනු ඇත. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම නිමාවීමෙන් අනතුරුව මෙලෙස අවතැන්වූවන් පදිංචි කරවනු ලබන්නේ යටිතල පහසුකම් ලබාදීමෙන් අනතුරුව බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
ලබන 23 සහ 25 යන දිනවලදී කිලිනොච්චි සහ මුලතිවු යන දිස්ත්‍රික්කවල 5050කට අධික පිරිසක් පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව ද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මෙම පිරිස පදිංචි කිරීමත් සමග අවතැන් වූ කඳවුරුවල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 71,000 දක්වා අඩුවන බව අමාත්‍යාංශ ලේකම් යූ.එල්.එම්. හල්දීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment