Wednesday, April 21, 2010

දි.මු අගමැති වෙයි- අද සවස දිවුරුම්දෙයි..?


හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයාද වන දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස අද සවස දිවුරුම් දෙන්නට නියමිතව ඇතැයි සඳහන් වේ.
ඒ අනුව අද සවස 4.00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අදාළ දිවරුම්දීම සිදු කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
අද සවස දිවුරුම් දෙන දි.මු ජයරත්න මහතා ශ්‍රි ලංකාවේ 21 වන අග්‍රාමාත්‍යධූරයට පත් වන අතර පුද්ගලයින් වශයෙන් සැලකූ කල නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අග්‍රාමාත්‍යවරයා වේ. මේ වන විට වයස අවුරුදු 79 ක් වන දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇත්තේ වර්ෂ 1950 දීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම එවක නායකයා වූ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගෙන් පක්ෂයේ 13 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලැබූ ඔහු අවස්ථා කිහිපයකදීම පක්ෂයේ තනතුරු රැසක් හොබවා ඇත.
ප්‍රථම වරට 1970 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ දි.මු ජයරත්න මහතා මේ වන විට පාර්ලිමේන්තු‍ව නියෝජනය කරනා ජ්‍යෙෂ්ඨතමයෙකු වේ.
ෂිං හුවා චීන මාධ්‍ය උපුටා දක්වන පරිදි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨයින් රැසක් අතුරින් දි.මු ජයරත්න මහතාට අගමැතිධූරය ලබා දීමට තීරණය කර ඇත්තේ ඔහු පක්ෂයට දැක්වූ අනූපමේය සේවය සහ ගරුත්වය නිසාය. adaderana

0 comments:

Post a Comment