Wednesday, April 21, 2010

මහනුවරින් මහින්දානන්ද පෙරමුණේ


නාවලපිටියේ ඡන්ද බල ප්‍රදේශයේ පැවති ඡන්ද විමසීමත් සමග මහ මැතිවරණයට අදාල මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද ඊයේ රාත්‍රිෙය් නිකුත් කෙරුණි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 39,819ක් වේ. එය 60.77% ක ප්‍රතිශතයක් වේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 8ක් හිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද එක්ලක්ෂ 92,798ක් ලබා ගනිමින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 34.48%ක් වී ඇත.. එසේම එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිකරගෙන තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 23,728ක් ලබා ඇති අතර එය 4.24%ක ප්‍රතිශතයක් වේ. මහනුවර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහළම මනාප ලබා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වන අතර ඔහු මනාප ඡන්ද 146,765 ක් ලබා ගැනීමට සමත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රීක්කයේ සියලු මනාප ඡන්ද පහත පරිදි වේ. ------------------------ එක්සත් ජනතා නිදහස් සන්ධානය
මහින්දානන්ද අලුත්ගමගේ 146,765

කෙහෙළිය රඹුක්වැල්ල 133,060

ඒස්.බි.දිසානායක 108,169

ලොහාන් රත්වත්තේ 81,812

එරික් වීරවර්ධන 54,195

දිලුම් අමුණුගම 45,909

ෆයිසර් මුස්තාෆා 44,648

සරත් අමුණුගම 44,478



එක්සත් ජාතික පක්ෂය

අබ්දුල් කාදර් 54,937

රවුෆ් හකීම් 54,047

ලක්ෂ්මන් කිරිඇල්ල 53,690

එම්.එච්.එම්.හලීම් 46,240

0 comments:

Post a Comment