Wednesday, April 21, 2010

රනිල් ඉවත්කිරීමේ යෝජනාව මැයි 07 දා


එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවටත්,ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවටත් එ.ජා.පයේ ජාතික නීතිඥ සංගමය යෝජනා කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
එ.ජා.ප පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ගෙනවිත් ඇති මෙම යෝජනාවට විපක්ෂව කරුණු දක්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ නීතිඥයා පමණක් බව නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අද දෙරණට කියා සිටියේය.
පැවති රැස්වීමේදී පක්ෂ නායකත්වයේ දුර්වලතා රැසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී ඇති බව ඔහු සඳහන් කළේය.
පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවට වන යෝජනාව එළඹෙන මැයි මස 07 වන දින ඔහු ඉදිරියේදීම ඡන්ද විමසීමකට බඳුන් කර නායකත්වයට දනවන්නට ක්‍රියා කරනු ඇතැයි නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment