Wednesday, April 21, 2010

ජනපති පාර්ලිමේන්තු ඒම හදිසියේ නවතී


හත්වන පාර්ලිමේන්තුවේ සමාරම්භක දිනය වන හෙට දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට අදාළ සියලු කටයුතු මීට දින කිහිපයකට පෙර සිටම සැලසුම්කර තිබුණද එය හදිසියේ අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරයා හෙට පෙරවරු 11.30ට පමණ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබූ අතර ඒ බව පාර්ලිමේන්තුවට තේරීපත්වූ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපි මගින් දන්වා තිබිණි. එමෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ගමන හේතුවෙන් කොළඹ නගරය සහ පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යෙදීමටද කටයුතු යොදා තිබිණි.
මේ අතර හමුදා අත්අඩංගුවේ රදවා තබාගෙන සිටින, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙට දිනයේදී පාර්මේන්තුන්තුවට වාර්තා කිරීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා පැවසූවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ආණ්ඩුව දැරූ සියලු උත්සාහයන් අසාර්ථකවූ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. lankatruth

0 comments:

Post a Comment