Wednesday, April 21, 2010

විදෙස් කටයුතු අමාත්‍යංශය සීරුවෙන්


යුරෝපීය ගුවන් ගමන් ඇන හිටීම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අදාළ යුරෝපීය රටවල පිහිටි ශ්‍රී ලාංකීය තානාපති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බවයි.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් ඒකකයක් ස්ථාපිත කර ඇති බව ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව යුරෝපීය රටවල රැඳී සිටීමට සිදුවු ශ්‍රී ලාංකීකයින්ගේ වීසා බලපත්‍ර වලංගු කාල සීමා දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. adaderana

0 comments:

Post a Comment