![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicr30ckopnwvBZv05uybOaDqcSMIt3f3gl2YJ3k5gSH7lszRXR2LFkGsKs0GldZJaQbyaA52f7WwZAxVavot-k7g7Pr03AQmEy-cOvWikSThXApmzAEZA003GYctbZ71ExnrM8aR9EfoN4/s320/kua.jpg)
කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව මෙරට ඩෙංගු මර්දනය සඳහා යොදා නොගැනීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අදාළ බැක්ටීරියාව ශ්‍රි ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා යොදා නොගැනීමට තීරණය කර ඇති බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ වන විට කියුබානු තානාපති කාර්යාලය හරහා අදාළ බැක්ටීරියාව කඩිනමින් ලංකාවට ලබාදෙන ලෙස කියුබානු රජයෙන් ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
බී.ටී.අයි.බැක්ටීරියාව ලංකාවට ලැබුණ වහාම එය ඩෙංගු වාහක මදුරුවන් බෝවීම වැළැක්වීමට යොදා ගන්නා බව එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම බැක්ටීරියාව මෙම වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු මර්දනය සඳහා යොදා ගැනීමට මුලින් තීරණය කර තිබුණි. ශ්‍රි ලංකා රජය අදාළ බී.ටී.අයි.බැක්ටීරියාව කෘමිනාශක රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු කාර්යන් සිදුකර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.ada
0 comments:
Post a Comment