![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiihJdo0AABdZH88kisEp_AbZoBq0Z7PRWBuGitlmjtLb4HDJAegN1-yG0AbWWw3Az_s3MC2lO8KEVT7m_Vjmc7Lp0ywm6QJan_Ye3ebzn0_tNPJYWCH94TBjYgNBuzdFZRZ7eSNDiH8D69/s320/sta.jpg)
මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ස්ථාන මාරු ලැබු උතුරු මැද පළාතේ ගුරුවරුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කර තිබේ.
අදාළ පැමිණිල්ල විමර්ශනය කිරිම සඳහා උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් අද දිනයේ කැඳවා තිබුණද ඔවුන් ඒ සඳහා නොපැමිණි බව වාර්තා වේ. ඒ අනුව අදාළ විමර්ශන කටයුතු සඳහා සතියක් ඇතුළත සහභාගි නොවුනහොත් ඒකපාර්ශවීය තීන්දුවකට එළඹීමට සිදුවන බව මානව හිමිකම් කොමිසම විසින් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.
පෙරදාතමින් ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් වන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ලංකා ගුරු සේවා සංගමයේ සහ ලංකා ගුරු සංගමයේ සාමාජිකත්වය උසුලන ගුරු මහත්ම මහත්මීන් පිරිසක් විසිනි. ada
0 comments:
Post a Comment