Tuesday, July 27, 2010

අසරණයා ගිනි තබා ගත්තේ පක්ෂයෙන් කළ පෙළඹවීම නිසයි


අසරණ පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂ‍යේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත් වූයේ පක්ෂයේම කිහිප දෙනෙකු විසින් කරනු ලැබූ පෙළඹවීම නිසා බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම අශිෂ්ට ක්‍රියාදාමයෙන් එක්සත් ජාතික පක්ෂය මොන තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇත්දැයි පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියේ"දෙරණ 360"වැඩ සටහනට සහභාගී වෙමිනි.

මෙම අසරණ පුද්ගලයා ගිනි තබා ගැනීම සඳහා පෙළඹවූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්,එය පොලීසියේ යුතුකම හා වගකීම වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ පස්වරුවේ මෙම එ.ජා.ප පාක්ෂිකයා සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අත‍ර කළු‍බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ සමගියෙන් වැඩ කළ යුතු බවත්, පක්ෂය බෙදීමට විරුද්ධ බවත්, එකමුතුකමෙන් යුතුව පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස මෙම මියගිය පුද්ගලයා ගිනි තබාගැනීමට පෙර ප්‍රකාශ කර ඇති බව ආරක්ෂක නිලධාරීන් සඳහන් කළ බව මේ සම්බන්ධයෙන්"අද දෙරණ"එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment