Tuesday, July 27, 2010

තැපෑලේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තිත


තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වෘත්තීය සමිති මෙම තීරණය ගෙන ඇති බව තැපැල් හා වි‍දුලි සංදේශ අමාත්‍යාංශය පවසයි. සේවකයන් සිව් දෙනෙකුගේ මූල්‍ය වංචා සඳහා තැපැල් පාලන අධිකාරිය ඉදිරිපත් කරන ‍ලද චෝදනා පත්‍ර වලට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා එකඟ වීමත් සමඟ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කර තිබේ. සති දෙකක් ඇතුළත එම පරීක්ෂණ අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.adaderana

0 comments:

Post a Comment