Tuesday, July 27, 2010

දැනුම අඩුකම මෙතරම් අපරාධයක් යැයි දැනසිටියේ නෑ


දේශපාලනය පිළිබඳව තමන් සතුව අවම දැනුමක් පවතින බවත්, ඒ සම්බන්ධව තවත් බොහෝ දේ ඉගෙනීමට තිබෙන බවත් තමන් පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි. නමුත් දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා දැනුම පමණක් නොව හොඳ හදවතක්ද අවශ්‍ය බව ජනතාව වටහාගත යුතු බව ඇය සඳහන් කරයි. අද දෙරණ සමග පැවති සාකච්ඡාවකදී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මෙම අදහස් පළකළාය.

දේශපාලන නොදැනුවත්කම පිළිබඳව ජනතාවගෙන් සමාව අයදින බවත්, නමුත් ඇතැම් දේශපාලනඥයින් මෙන් මිනී මැරුම්, ජනතාවගෙන් සොරකම් කිරීම, මත් ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට තමන් සම්බන්ධ වී නොමැති බව ජනතාව වෙත මතක් කරන බවද ඇය අවධාරණය කරයි. තවත් මාස 06 ක කාලයක් තුළ තම දේශපාලන දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය සඳහන් කළාය.

දේශපාලනය තුළ සුළු වරදක් වුවත් විශාල වරදක් ලෙස ගැනෙන බව ද ස්වර්ණමාලි මහත්මිය පෙන්වාදෙයි. ඇයට පවතින දැවැන්තම අභියෝගය මාධ්‍යය සමග ගනුදෙනු කිරීම බව ද එම මහත්මිය අවධාරණය කරයි. පසුගිය කාලය තුළ ඇය දෙරණ 360 වැඩ සටහනට සහභාගිවීමෙන් පසු දින 03 ක් යනතුරු කිසිවකු වෙත මුහුණදීමේ අපහසුතාව නිසා සැමගෙන් වෙන්ව සිටි බවද ඇය ප්‍රකාශ කළාය. නමුත් නිවැරදි කාලය තුළ නැවතත් එම වැඩ සටහනට සම්බන්ධවීමට බලාපොරොත්තු වන බව ද ස්වර්ණමාලි මහත්මිය අවධාරණය කළාය. adaderana

0 comments:

Post a Comment