Tuesday, July 27, 2010

අපටත් මුහුඳු සීමාව වැඩියෙන් ඕනෑ


ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරය පුළුල් කරගැනීම සඳහා එක්සත් ජාතීන්ට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති නව අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයේ පරිමාවට මාලදිවයිනේ මෙන්ම ඉන්දියාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයන්ගෙන් කොටස් ද ඇතුළත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

මාලදිවයින නිදහස් දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සිය අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරය දැනට ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයෙන් කොටසක්ද ආවරණය වන පරිදි පුළුල් කර ගැනීමට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අද දෙරණට කියා සිටියේය.

කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මාලදිවයින සාකච්ඡාවට පැමිණෙන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බව ද ධීවර අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මේ අතර මුහුදු සීමා සම්බන්ධ කරුණු එක්සත් ජාතීන් විසින් සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ 2020 වසරේ බැවින් එය ඊට පෙර සාකච්ඡාවට ගැනීම සඳහා ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව ද ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaerana

0 comments:

Post a Comment