Tuesday, July 27, 2010

පර්යේෂණ කළත් ඵලදායි නෑ


බුද්ධියට විලංගු දාන්නවත්, ලේ සාගරයක ගිල්ලවන්නටවත් කිසිවෙකුටත් හැකියාවක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විද්‍යාඥයන් පර්යේෂණ කළද ඒවා රටේ ආර්ථිකයට ඵලදායි ලෙස යොදා ගන්නට හැකි වී නැතැයිද ඒ සඳහා රජයට ද වගකීමක් පවතින බව පිළිගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

නිදහසේ සුවඳ වඩා හොඳින් දැනෙන්නේ මේ රටේ විද්‍යාඥයන්ට බව ද ජනාධිපතිවරයා කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීමේ විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. ලෝකයා ප්‍රඥාවක් නැති මිනිසුන් ලෙස ශ්‍රී ලාංකිකයාට සලකන බවත්,ලෝකයාට යමක් උගන්වන්නට වන වගකීම මෙරට විද්‍යාඥයන්ට පැවරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා 800 ට අධික පිරිසක් අද දිනයේ ජනාධිපතිවරයාගේ සම්මානයට පාත්‍රවිය.adaderana

0 comments:

Post a Comment