Tuesday, July 27, 2010

ශ්‍රී ලංකාවට අයත් මුහුඳු සීමාවෙන් කොටසක් මාලදිවයින ඉල්ලයි


මාලදිවයින සිය දිවයින වටා පිහිටි අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරය(Continental shelf )පුළුල් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි අද ට(27)යෙදෙන මාලදිවයින් නිදහස් දිනය වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මාලදිවයින විසින් සලකුණු කොට දක්වා ඇති ප්‍රදේශයට ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයෙන්ද කොටසක් අයිති වන බැවින් මෙම ඉල්ලීමට එක්සත් ජාතීන් විසින් එකඟත්වය පළ කරන ලැබුවහොත් ශ්‍රී ලංකාවට මේ වන විට අයිති නොගැඹුරු මුහුඳු තීරයෙන් කොටසක් අහිමි වනු ඇත.

මාලදිවයින් වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය අනන්‍ය ආර්ථික කලාප මුහුඳු සීමාව පුළුල් කර ගත යුතු බවට සැලසුම් සකස් කොට ඇති අතර වසරක් පාසා මෙම නව සැලසුම් එක්සත් ජාතීන්ට යොමු කොට අනුමැතිය ලබා ගත යුතුවේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සිය අනන්‍ය ආර්ථික කලාප මුහුඳු සීමාව සලකුණු කොට එක්සත් ජාතීන්ට දන්වා අනුමැතිය ලබා ඇත්තේ 2009 වසරේ මැයි මාසයේදීය.

ඒ අනුව මාලදිවයිනේ නව මෙම ඉල්ලීමත් සමග ශ්‍රී ලංකාවට දැනට අනුමැතිය ලැබී ඇති අනන්‍ය ආර්ථික කලාපය අභියෝගයට ලක් වී තිබේ. "ශ්‍රී ලංකාවට අයත්ව තිබූ අනන්‍ය ආර්ථික මුහුදු කලාපයෙන් අහිමිවනු ඇත්තේ ඉතාම කුඩා කොටසක් නිසා සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසඳාගත හැකියි" මාලදිවයින් විදෙස් කටයුතු අමාත්‍යවරවරයා විශ්වාසය කළ කර තිබේ. adaderana

0 comments:

Post a Comment