Tuesday, July 27, 2010

සේනක ද සිල්වා පලා ගිය සෙබළුන්ට වැටුප් ගෙවීමට හවුල් වෙලා


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් වශයෙන් කටයුතු කළ කපිතාන් සේනක ද සිල්වා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී යුද හමුදාවෙන් පලා ගිය හමුදා සෙබළුන්ට වැටුප් ගෙවීමේ ක්‍රියාවලියට හවුල් වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් ‍දී තිබේ.

අදාළ හමුදා කපිතාන්වරයාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව අනාවරණය කර තිබේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දේශනකාර්යාල භාරව මෙම සැකකාර කපිතාන්වරයා කටයුතු කර ඇති බව රහස් පොලිසිය පවසයි.

එහි දී ඔහු සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කටයුතු වලට යොදවා සිටි යුද හමුදාවෙන් පලා ගිය සෙබළුන්ට වැටුප් ගෙවීමේ කටයුතු වලට හවුල් වී ඇති බව රහස් පොලිසිය පෙන්වා දෙයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා සැකකාර කපිතාන්වරයා ලබන 2 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබේ. adaderana

0 comments:

Post a Comment