Tuesday, July 27, 2010

දවසකට 700 ක් යළි පදිංචි කරවනවා


උතුරේ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා මේ වන විට රජය මිලියන 860 ක් පමණ වැය කර ඇති බව ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ සඳහා ඉන්දියාවේ සහය ද ලැබෙන බවත් ඇතැම් රටවලින් ආධාර ලැබීමේදී ප්‍රමාදවිය හැකි බැවින් රජයට ඒ සඳහා සෘජුව කඩිනමින් මැදිහත් වන්නට සිදුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද කොළඹ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

යුද්ධයෙන් උතුරේ 2,67 393 ක් අවතැන්ව ඇති බවත්,එයින් මේ වන විට 2,30,000 ක් පමණ යළි පදිංචි කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. බිම් බෝම්බ ඉවත්කිරීම කඩිනමින් සිදුකරන බවත් බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් නොකොට යළි පදිංචි කරවීම පිළිබඳ අවදානම බාරගත නොහැකි බැවින් මෙම කටයුතු ඉතා වගකීමෙන් සිදුකෙරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට බිම්බෝම්බ 2,75,000 ක් පමණ ඉවත් කර ඇති බවත්,දිනකට 700 ක පමණ පිරිසක් බිම් බෝම්බ ඉවත් කළ ප්‍රදේශ වල යළි පදිංචි කරවන බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් තවමත් 35,333 ක පමණ පිරිසක් යළි පදිංචි කරවනු පිණිස තවමත් රැඳවුම් කඳවුරුවල වාසය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment