Tuesday, July 27, 2010

රියන්සි ජීවිතය පිදුවේ පක්ෂය වෙනුවෙන්


මියගිය රියන්සි අල්ගම මහතා සිය ජීවිතය පරිත්‍යාග කළේ පක්ෂයේ සමගිය වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. එවන් අවස්ථා ඉතාමත් විරල බවත්, ඔහුගේ මරණය වෙනුවෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. රියන්සි අල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිත බව ද කරූ ජයසූරිය මහතා සඳහන් කළේය. අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මියගිය අල්ගම මහතා ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිටම එක්සත් ජාතික පාක්ෂිකයක් ලෙස කටයුතු කර ඇති බවත්, පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකළ බවත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම වර්තමාන පක්ෂ අර්බුදය සමථයකට පත්කිරීම වෙනුවෙන්ද ඔහු කැපවී කටයුතු කළ බව පෙන්වාදුන්නේය.

මියගිය රියන්සි අල්ගම මහතා පක්ෂය තුළ කිසිදු කඳවුරක‍ට අයත්ව නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්නායක මහතා පෙන්වාදෙයි. එමෙන්ම ඔහුගේ මරණය සම්බන්ධව ඇතැම් මාධ්‍ය වැරදි අර්ථකථනයක් ලබා දී ඇති බවත්, ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ඉල්ලා සිටින බවත් ඒ මහතා අවධාරණය කරයි. adaderana

0 comments:

Post a Comment