Tuesday, July 27, 2010

ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් 50 ට නිදහස


ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් පනස් දෙදෙනෙකු නිදහස් කර තිබේ. ධීවරයින් සමග ධීවර යාත්‍රා 18 ක් ද නිදහස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිටත් කර හැරීමේ නියෝග ලබා දුන් විගස එම ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සඳහන් කරයි.

පසුගිය 2009 වසරේ සිට ‍තංගල්ල, ත්‍රිකුණාමලය, දෙවිනුවර සහ මීගමුව යන ධීවර වරායල් වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් මේ අතර වේ. තවත් මෙරට ධීවරයින් 113 දෙනෙකු ඉන්දීය අත්අඩංගු‍ෙව් සිටින අතර ධීවර යාත්‍රා 32 ක් ද ඔවුන් භාරයේ තිබෙන බව අමාත්‍යාංශය පවසයි. එම ධීවරයින් සහ යාත්‍රා ඉතා ඉක්මනින් නිදහස් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment