![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTNl3SGqTNvOOhyyca1MJAbB4aeGvVj2Z0WwHMz_OD6Wm3apwM0ZrlaA5_enrzXGvIRVfiopTA6odcBfi3_ccMLs6qgdqUNnij9dUjkvd4XCkmNUZvHNTPf-4a9qAxDTcoKYNTQw-IQotf/s320/mahe.jpg)
ටෙස්ට් ශතක වැඩිම ප්‍රමාණයක් එකම ක්‍රීඩා පිටියක රැස්කළ පළමු ක්‍රීඩකයා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කීමට මහේල ජයවර්ධන සමත්ව තිබේ. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද දිනයේ මෙම වාර්තාව පිහිටුවීමට මහේල ජයවර්ධන සමත්ව ඇත. ඒ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීම තුළිනි.
මීට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩොනල්ඩ් බ්‍රෑඩ්මන් හා මහේල ජයවර්ධන ශතක 09 බැගින් ලබා එකම පිටියක් තුළ වැඩිම ශතක සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයන් ලෙස වාර්තාවක් පිහිටුවා තිබිණි. adaerana
0 comments:
Post a Comment