![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgObYp1B1UXn3ArzRoDgyF1DdCSf2dgOj5-n2NEBI5Icd6TZGKesqRM1Ts3pJV5q53rcy8HNBZPjaB27tLFNAkvTkpj9B5Ko1yanDowZ3yWBD1NtD8TDTcXWJDuM6UkW2QOoToqX9wDIXwq/s320/thuwa.jpg)
සේරුනුවර පොලිස් වසමේ පූනගර්, ඊතලන්පත්තු ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයා ගෙන තිබේ. මෙය බයිනෙත්තුවක සවි කර තිබිය දී ඊයේ සේරුනුවර පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සේරුනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර කටුනායක පොලිසිය විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් අනාවරණය වූ තොරතුරු වලට අනුව කටුනායක ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙම ජීව අතේබෝම්බය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. adaerana
0 comments:
Post a Comment