Monday, April 5, 2010

හදිසි නියෝගය ජනතාව දුෂ්කරතාවට පත්කරනවා


අවතැන් කඳවුරු වල වෙසෙන ඡන්ද දායකයන්ට ආකෘති පත්‍රයක් සම්පුර්ණ කර නැවත භාරදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා හදිසියේ කර ඇති නියෝගය ‍හේතුවෙන් එම ඡන්ද දායකයන් දුෂ්කරතාවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබේ. දින තුනක් ඇතුළත 26,000කට ආසන්න පිරිසකට ආකෘති පත්‍ර සඳහා ග්‍රාම නිලධාරීන්ගෙන් සහ කඳවුර භාර නිලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මේ‍ හේතුවෙන් විශාල පිරිසකට ඡන්දය අහිමි වීමේ අවධානමක් පවතින බව තිස්ස අත්තනායක මහතා පෙන්වාදෙයි. එසේම කඳවුරු භාර නිලධාරීන් සියලු දෙනා ‍දේශපාලන පත්වීම් ලැබු අය බැවින් අනුමැතිය ලබාදීම සම්බන්ධ ගැටලු මතුවන බව මහ‍ලේකම්වරයා සඳහන් කරයි. එබැවින් මෙම හදිසි තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. adaderana

0 comments:

Post a Comment