Monday, April 5, 2010

කිඳෙල්පිටිය අත්අඩංගුවට ගැනීම සැකයි


ආණ්ඩුව විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන අතකොළුවක් බවට පොලිසිය පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ සුසිල් කිඳෙල්පිටිය මහතා අත්අඩංගුවට ගැනීම සහ ඔහුට එරෙහිව පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල සැකයක් මතුවී ඇති බවයි.
කිඳෙල්පිටිය මහතා පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී ඇති බව ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර රජයේ ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ වූයේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කර සිටියි.
අදාළ තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බාහිරව මාධ්‍ය‍ වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හෙළි කරන ලෙස ද එම පක්ෂය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
එබැවින් මෙම ක්‍රියාදාමය කිඳෙල්පිටිය මහතාට එරෙහිව දේශපාලනමය වශයෙන් පහරගැසීම සඳහා අනුගමනය කරන්නක් බවට සැක මතුවී ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. adaderana

0 comments:

Post a Comment