Monday, April 5, 2010

2009 සංවර්ධන වේගය 3 .5%ක්

2009 වර්ෂයේ ශ්‍රි ලංකාවේ සංවර්ධන වේගය 3 .5%ක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එමෙන්ම රුපියල් දහයේ වටිනාකමින් යුත් නව කාසියක් අද සිට හඳුන්වා දෙන බව ද ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එය රුපියල් දහයේ නෝට්ටුව වෙනුවට ඉදිරියේදී භාවිත කරන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේය. පැරණි ශත දහයේ හැඩයට නිර්මාණය කර ඇති මෙහි මුල්ම කාසිය මහ බැංකු අධිපති අජිත් නි‍වාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිලිගැන්වීමට නියමිතය. මේ අතර මහ බැංකු වාර්ෂික වාර්තාව නිකුත් කිරීම ද අද සිදුකෙරෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.adaderana

0 comments:

Post a Comment