Monday, April 5, 2010

මාරාන්තික පොරයක් වුණේ ප්‍රබල විපක්ෂයක් නැති නිසයි


ප්‍රබල විපක්ෂයක් නොමැති වීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ මනාප සටන මරාගෙන මැරෙන පොරයක් බවට පත්වී ඇති බව එස්.බී.දිසානායක මහතා පවසයි.
සුළුවෙන් ආරම්භ වු මනාප සටන මේ වන විට ඉතා උත්සන්න මට්ටමකට පත්වී ඇති බව ඔහු සඳහන් කරයි.
උඩුනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේ කුල භේදය යළි මතු කරන නූගතුන් පිරිසක් ද මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය 20 වැනි පරාජයට ද සුදානම් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment