Monday, April 5, 2010

එල්.ටි.ටි.ඊ.ය සැඟවූ උපකරණ තොගයක් හමුවේ


ඉරණපලෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් සඟවා තිබු උපකරණ තොගයක් සොයා ගැනීම පොලිසිය සමත් වී තිබේ.
මාන්කුලම් කොට්ඨාශ‍යේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ සිදුකළ මෙම මෙහෙයුමෙන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ වෙල්ඩින් කූරු 38ක් ඇතුලු උපකරණ කිහිපයක් සොයාගත් බව‍ පොලිසිය පැවසීය. මේ අතර වෙල්ලාවේලි මණ්ඩූර් ප්‍රදේශ‍යේ ලඳු කැළෑවක සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක්, ජීව උණ්ඩ 14ක් සහ මැගසින් තුනක් පොලිසිය භාරයට ගෙන ඇත. එසේම කරුවලගස්වැව හතේ කණුව ප්‍රදේශයේදී ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමග සැකකරු‍වෙකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේය.adaderana

0 comments:

Post a Comment