Monday, April 5, 2010

සාම සාධක හමුදාව 5000 දක්වා වැඩිකිරීමට උපදෙස්


එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් මෙරටින් යොමු කරන භට පිරිස් ඉහළ නැංවීම සඳහා සැළසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා තමන් වෙත උපදෙස් දී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා පවසයි.
වරකට සෙබලුන් 5,000 ක් යැවීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විට සැළසුම් සකස් කරමින් පවතින බව ජයසුරිය මහතා සඳහන් කරයි. දැනට එක් වාරයක් සඳහා සෙබලුන් 950ක පිරිසක් සාම සාධක කාර්යය සඳහා යොමු කෙරෙන අතර ඒ අනුව එක් වසරකට මෙරටින් යැවෙන සෙබලුන් සංඛ්‍යාව 2,000කට ආසන්න වේ. නව සැලසුම් යටතේ එය එක් වාරයක් සඳහා සෙබලුන් 5,000 දක්වා ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇති බව මාන්කුලම්හි තුන් වන කාර්ය සාධක බලකායේ සෙබලුන් අමතමින් ජගත් ජයසුරිය මහතා අවධාරණය කළේය. adaderana

0 comments:

Post a Comment