Monday, April 5, 2010

අතුරුදන්වූවන් සෙවීමට ස්වාධීන කණ්ඩායමක්


පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් සහ රජයට භාර වු පුද්ගලයන් පුනරුත්තාපනය කොට ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීම තම වගකීම බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
මේ සඳහා දැනටමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව ඔහු සඳහන් කරයි. අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ‍ස්වාධීන කණ්ඩායමක් පත් කිරීමට ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව දේවනන්දා මහතා ප්‍රකාශ කරයි. විනාශකාරී යුද්ධයේදී සිදුවු ජිවිත හානි දේශපාලන වාසියට යොදා ගනිමින් ඇතැම් බලවේග ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට සුදානම් වන බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි. adaderana

0 comments:

Post a Comment