Wednesday, December 8, 2010

සක්‌විති රෝහලට




රුපියල් කෝටි සියයකටත් අධික ජනතා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සක්‌විති රණසිංහ ඊයේ (7 දා) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. සක්‌විති රෝහල්ගත කිරීමට පෙර බන්ධනාගාරයේ වූ රුපවාහිනි යන්ත්‍රයක්‌ද පොළවේ ගසා විනාශ කළ බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහල්ගත කළ සක්‌විති රණසිංහගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා ඊයේ සවස ඔහු විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කිරීමට නියමිතව තිබිණි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සක්‌විති යම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත මීට පෙර ඔහු වෛද්‍ය පරීක්‌ෂණයකටද ලක්‌ කෙරිණි.

0 comments:

Post a Comment