Wednesday, December 8, 2010

උදුල්ට අදත් ඇප නෑ


රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා‍ගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම අද සලකා බැලූ අවස්ථාවේ විත්තිය වෙනු‍වෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ‍රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෙසු සරසවි සිසුන් ඇප මත මුදා හැර ඇති බැවින් උදුල් ප්‍රේමරත්න ද ඇප මත මුදාහරින ලෙසයි.

එහෙත් රජයේ නීතීඥවරයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි වි‍ජේසුන්දර මහත්මිය ඒ අනුව නියෝග කර සිටියේ අදාළ ඇප අයදුම්පත හෙට ‍දිනයේ සලකා බලන බවයි.
adaderana.lk

0 comments:

Post a Comment