Wednesday, December 8, 2010

ලක්ෂ 20 ක හෙරොයින් එක්ක විදේශිකයා මාට්ටු


රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙරොයින්‍ තොගයක් සමග විදෙස් ජාතිකයෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු බංග්ලාදේශ ජාතිකයෙකු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

ඔහු සිය සිරුර තුළ සඟවා මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ආ බවට ‍තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 ක් සුරාබදු දෙපාර්තමේන්තුව බාරයට ‍පත්වූ බව ප්‍රභාත් ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
adaderana.lk

0 comments:

Post a Comment