Wednesday, December 8, 2010

තායිලන්තයේ අනවසර ලාංකිකයින් ගැන වාර්තාවක් ඉල්ලුවා

තායිලන්තයේ බැංකොක් නුවරදී අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් එරට පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බැංකොක්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කර ති‍බේ.

අත් අඩංගුවට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටී නම් ඒ පිළිබඳ අමාත්‍යාංශයට වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බැංකොක් නුවර ලැඟුම්හලක රැඳී සිටියදී ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයින් පනස් දෙනෙකු අද(08) උදෑසන අත් අඩංගුවට ගත් බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම පිරිස අතර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද සිටින බවට තායිලන්ත පොලිසිය සැක පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් පැහැදිලි විස්තර ප්‍රකාශයක් කළ හැක්කේ තානාපති කාර්යාල වාර්තා ලැබුණු පසු බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

0 comments:

Post a Comment