Wednesday, December 8, 2010

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන් බේද ඉවත දමා කාන්තාවන් වෙනුවෙන්


සියලූ බේද ඉවත දමා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරියන් සියලූ දෙනා එක්වන බව පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන ඇමතිනී සුමේධා ජයසේන මහත්මිය පවසන්නීය.

අද (දෙසැ. 08) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක ඇය ඒ බව කියා සිටියාය.

වර්ෂ 2006 ආරම්භ වූ මෙම සංසදය, සත්වැනි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරියන් 13 දෙනාගේම එකතුවෙන් දෙවතාවක් රැස්ව ඇති බවත්, මෙය ඔවුන්ගේ පළමු මාධ්‍ය හමුව බවත් එහිදී පැවසිණ.

දේශපාලනයේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, කාන්තා අයිතීන් සහ සම අයිතිය සුරුකීම, කාන්තාවන්ට එරෙහි සියලූම ආකාරයේ හිංසනයන් පිටුදැකීම, විදේශ රැුකියාවන්හි නියුතු කාන්තාවන් ඇතුළු වැඩ කරන කාන්තාවන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම, අඩු වරප‍්‍රසාදිත කාන්තාවන් සහ වැන්දඹුවන්ගේ දරිද්‍රතාව දුරලීම සහ ඔවුන්ට වෘත්තීය පුහුණුව සහ පහසුකම් සැලසීම, කාන්තා සුබසිද්ධිය වෙනුවෙන් නීති සම්පාදනය කිරීම, පොදු වශයෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාදීම යන අරමුණු පෙරදැරිව එම සංසදය ක‍්‍රියාත්මක වේ.

මන්ත‍්‍රීවරියන් වන සුමේධා ජී ජයසේන (සභාපතිනිය), චන්ද්‍රානි බණ්ඩාර (උප සභාපතිනිය), තලතා අතුකෝරාළ, අනෝමා ගමගේ, විජයකලා මහේෂ්වරන්, මාලනී ෆොන්සේකා සහ ශ‍්‍රියානි විජේවික‍්‍රම යන මහත්මීන් එම මාධ්‍ය

0 comments:

Post a Comment