![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnOE_5A1ZM1d3ysn1GXwwpCaABB7BL6VMgR0z3tFaEr4uZGuhQCnvynw4NvoM9wlh-KrBOYDR__fRet1lc_M4Zk5Uq65CCx2SJlZNImJBrCWb8F7OLgvbMLTgz37qBnP7UuElL5VlcRl2F/s320/suu.jpg)
සෞඛ්‍ය අමාත්‍යාංශය අද සිට හඳුන්වාදී ඇති නව දුරකථන සේවාව වෙත යොමු කළ හැක්කේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය පිළිබඳ ගැටලු පමණක් බව එම අමාත්‍යංශය අවධාරණය කරයි. අදාළ දුරකථන සේවාව නම් කර ඇත්තේ"දුම්කොළ හා මධ්‍යසාර නිවාරණ උපදේශන ඇමතුම් සේවාව"නමිනි.
ඒ අනුව අංක"1948"ඔස්සේ දුම්කොළ හා මධ්‍යසාර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවේ. මෙම දුරකථන සේවාවට වෙනත් සෞඛ්‍ය ගැටලු යොමු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරියේදී මෙම සේවාව පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් වඩාත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. adaderana
0 comments:
Post a Comment