Monday, April 19, 2010

දුටුගැමුණු"ධර්මපාල"ට අඳියි-සුරාවට කණ කොකා හඬයි


කැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසල් වසා දමා ඇති බවත්, ඒ අනුව වයින් ස්ටෝර්ස්,බාර් මෙන්ම ෆුඩ් සිටි වල මත්පැන් අලෙවි කවුන්ටර් ද වසා දමා ඇති බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
හිටපු කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පසුගිය 17 වන දින කැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසැල් වසා දමන ලෙස නියෝග කර තිබිණි. සුරා බදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සුරාසැලක් විවෘත කරන්නට මෙන්ම වසා දමන්නට ද නීතියෙන් අවසරයක් නැතත් ඇමතිවරයාගේ දේශපාලන බලයට හිතුමතේ මෙවැන්නක් කරන්නට හැකියාවක් ලැබී තිබේ.
"නීතිය හොයල බලල මේවා කරන්න ගියොත් ඒකට සෑහෙන කාලයක් ගතවෙනවා.ඒ හින්දා දැනට බාර් වහන්න කටයුතු කරලා තියෙනවා.ඊළඟට නීතිය ගැන හොයල බලන්න කටයුතු කරනවා."අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් මර්වින් සිල්වා මහතා පැවසීය.
තමන් හරක් මස් කඩ වහද්දීත් නීතිය බලමින් කටයුතු කළේ නැති බවත්,ඒ වෙලාවේදී මානව හිමිකම් බලමින් කටයුතු කරන්නට හැකියාවක් නැති බවත් හෙතෙම කියා සිටියේය.
මිනිසුන්ගේ මෙන්ම තිරිසනුන්ගේ හිමිකම්ද රැකිය යුතු බවත් මිනිසුන්ට ප්‍රථමයෙන් හරකුන්ගේ මානව හිමිකම් රැකීමට තමන් ක්‍රියා කරන බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය.
අනගාරික ධර්මපාලතුමන් මේ අයුරින් ක්‍රියා කරන විට"පොට්ටනිකාරයා"ලෙස ඇතැමුන් නම් කළ බවත්,ධර්මපාලතුමන් තමන්ගේ ඥාතියෙකු බවත් මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment