Monday, April 19, 2010

දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අපහසුතාවට


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාද වීම් හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
සතියක පමණ කාලයක සිට අනුරාධපුරයේ සහ වව්නියාව අතර දුම්රිය ගමනාගමනය මෙලෙස ප්‍රමාද වන බව අද දෙරණ වාර්තාකරු පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ අංශ කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද මගීන් චෝදනා කරයි. ඊයේ දිනය තුළද අනුරාධපුර හා වව්නියාව අතර මාර්ගයේ දුම්රිය එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන් දුම්රිය පැය ගණනාවක් ප්‍රමාද වී ඇති බව සඳහන්ය. adaderana

0 comments:

Post a Comment