Monday, April 19, 2010

ප්‍රභාගේ අවතාරය ඉන්දියාවේ හොල්මන් කරයි


එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කර එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ ද තවමත් ඉන්දියාව පුරා ප්‍රභාකරන්ගේ අවතාරය සැරිසරන බව පෙනේ.
පසුගිය සිකුරාදා දින මලයාසියාවේ සිට ප්‍රභාකරන්ගේ මව වන පාර්වතී වේලුපිල්ලේ මහත්මිය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ බලධාරීන් විසින් ඇයට ඉන්දියාවට ඇතුළුවීම තහනම් කරනු ලැබීය. අංශබාග රෝග තත්ත්වයෙන් පෙළෙන පාර්වතී ඉන්දියාවට පැමිණ තිබුණේ මාස 06කට වලංගු වන වෛද්‍ය වීසා ගමන් බලපත්‍රයක් ද සහිතවය. නමුත් ඇයට ඉන්දියාවට ගොඩබැසීම පවා තහනම් වූ අතර ඇය පැමිණි මලයාසියාවට අයත් ගුවන් යානයේම ආපසු ඇයට මලයාසියාව වෙත යාමට සිදුවිය.
ශ්‍රී ලංකා රජය එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය පත්කළ පසුව ද තමිල්නාඩු රජය 79 හැවිරිදි අසනීප තත්ත්වයේ පසුවන මහලු කාන්තාවක සම්බන්ධයෙන් මෙතරම් බියට පත්වන්නේ මන්දැයි සිංගප්පූරුව, මලයාසියාව හා ශ්‍රී ලංකාවේ බොහෝ වාරයක් සංචාරය කර ඇති 45 හැවිරිදි ව්‍යාපාරිකයකු වන සුමති නාරායනන් පවසයි. තමිල්නාඩුවේ ඩී. එම්. කේ රජයෙහි හිටපු සාමාජික පක්ෂයක් මෙන්ම නැවතත් කරුණානිධි වෙත සහය දැක්වීම සඳහා කැමැත්ත පළ කරන පී. එම්. කේ පක්ෂය ද පාර්වතී මහත්මියට රටට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත. එමෙන්ම විඩුදලෙයි සිරතහල් කච්චි පක්ෂය ද ඊට දැඩි විරෝධය පළ කර ඇත.
ද්‍රවිඩ ජාතික ව්‍යාපාරයේ නායක පී. නදුමාරන් සහ වයිකෝ යන මහත්වරුන් ද ගුවන් තොටුපලේදී පාර්වතී මහත්මිය හමුවීමට උත්සාහ කළ ද ආරක්ෂක හේතූන් මත මෙම දේශපාලඥයින් දෙදෙනාට ඇය හමුවී‍මට අවස්ථාව හිමි වී නොමැත. ද්‍රවිඩ නොවන වෙනත් දේශපාලන පක්ෂ කිහිපයක් ද පාර්වතී මහත්මිය පිටුවහල් කිරීම සම්බන්ධව විරෝධය දක්වා ඇත. මෙම මාසයේ ජනවාරි මාසයේ සිට පාර්වතී මහත්මිය ඇයගේ ඥාතියකු වන එම්. කේ. ශිවාජිලිංගම් මහතාගේ රැකවරණය යටතේ වාසය කර ඇත. ඔහු විසින් පාර්වතී මහත්මිය කැනඩාවේ වෙසෙන ඇයගේ දියණිය වන විනෝදනී රාජේන්ද්‍රන් වෙත යැවීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා වීසා සකස්වන තුරු ඇයව මෙසේ ප්‍රතිකාර සඳහා ඉන්දියාව වෙත එවීමට ශිවාජිලිංගම් තීරණය කර තිබුණි. adaderana

0 comments:

Post a Comment