Monday, April 19, 2010

හයිකෝප් ගැන නීතිපතිගෙන් උපදෙස්


හයිකෝප් මුල්‍ය වංචා සිද්ධියේ පරීක්ෂණ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම් දුන්නේය. මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ ගණනාවකින් පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්ය.
මෙම ප්‍රකාශ සහ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. නීතිපති උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. adaderana

0 comments:

Post a Comment