Monday, April 19, 2010

දෙවෙනි යුද අධිකරණය හෙට යළිත්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය අද පෙරවරුවේ රැස් කෙරෙණි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසන පරිදි නාවික හමුදා මූලස්ථානයේ දී මෙම කටයුතු සිදුවී තිබේ. දෙවන යුද අධිකරණයේ කටයුතු දහවල් 11.30 ත් 12 ත් අතර කාලය තුළ අත්හිටුවනු ලැබුවේ හෙට දිනයේ නැවත රැස්වීමේ අරමුණින් බව ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ සිටියදී සිදුකළ බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරේ. adaderana

0 comments:

Post a Comment