Monday, April 19, 2010

ලාංකික සිසුන්ට ජපානයෙන් නව ශිෂ්‍යත්ව ක්‍රමයක්


ජපානයේ ශ්‍රි ලාංකීය සිසුන් සඳහා නව ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කිරීමට ජපානය පියවර ගෙන තිබේ.
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්ව ලබා දෙන බව සඳහන්ය. විශේෂ විභාගයකින් පසුව තෝරා ගන්නා පිරිසක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අතර ජපාන තානාපති කාර්යාලය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය.
එමගින් තෝරා ගන්නා සිසුන් ජපානයේ විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය සඳහා යොමු‍ කිරීමට අපේක්ෂා කරයි. මෙම වසරේ සිසුන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.adaderana

0 comments:

Post a Comment