Monday, April 19, 2010

සේවා ස්ථානය දේවස්ථානයක් විය යුතුයි


සේවා ස්ථානය දේවස්ථානයක් සේ සලකා කටයුතු කරන්නැයි සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පළාත් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද(19)පළාත් රාජ්‍ය සේවාවේ ආරම්භක වැඩ දිනයට එක්වූ පළාත් සභා සංකීර්ණයේ සේවය කරන දහසක් පමණ වූ සේවක පිරිස අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරණයේදී ද පාර්ලිමේන්තු මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂ මහතාට රට වාසීන් ලබා දුන් විශිෂ්ට ජනවරමින් පසු එළඹි පළමු වැඩ කරන දිනය වන අද අධිෂ්ඨානයේ දිනයක් බවට පත් කර ගත යුතු බවද මහ ඇමතිවරයා කියා සිටියේය.
වසර දෙකක් තුළ මැතිවරණ දහයකට මුහුණ දෙමින් පසුව එළඹි මෙම සමාරම්භක වැඩ කරන දිනයේදී ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා ජනපති දරන වෑයමට සබරගමුව පළාත් සභාවේ උපරිම දායකත්වය ලබාදිය යුතු බවද මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

0 comments:

Post a Comment