Wednesday, March 10, 2010

සීමා මායිම් සන්නද්ධ කණ්ඩායමක් සමඟ නාවලපිටියේ zමැර ගමගේZ යකා නටයි


ආණ්ඩුවේ කටකාර ඇමැතිවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඔහු නියෝජනය කරන නාවලපිටිය ආසනයට විපක‍ෂයේ පමණක් නොව ආණ්ඩු පක‍ෂයේ අපේක‍ෂකයිනට ද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට ඉඩ නොදෙමින් මැර දේශපාලනයක යෙදී සිටින බවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනාවක් කරයි.
ඔහු පවසන්නේ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ශ්‍රී ලංකාව තුළ zzමායිම් ආණ්ඩුවක්ZZ මැර බලයෙන් පවත්වා ගෙන යන බවයි.
මේ රටේ ඛෙදුම්වාදය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කළත් වෙනත් ආකාරයකට ඛෙදුම්වාදය නිර්මාණය වී නාවලපිටියේ වෙනම රාජ්‍යයක් ලෙස මැරබලය යොදාගනිමින් මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ගෙනයන ක්‍රියාකලාපය හෙළා දුටු මනෝ ගනේෂන් මහතා හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදයට සහභාගි වෙමින් මේ පිළිබඳ කරුණු දැක්වීමක්ද කළේය.
මනෝ ගනේෂන් මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි දෙමළ ඡන්ද 90,000 ක් තිඛෙන බවයි. මෙයින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් එනම් 16,000 ක් ලියාපදිංචි වී තිඛෙන්නේ නාවලපිටිය ආසනයේයි. එම ආසනයට යාබද ගම්පොල ආසනයේ ලියාපදිංචි ඡන්ද 14,000 ක් පමණ ඇත. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සමස්ත දෙමළ ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.

මනෝගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ ඡන්ද වතුකම්කරු ඡන්ද බවත් ඔවුනට වෙනත් අපේක‍ෂකයිනට ඡන්දය නොදෙන ලෙසට තර්ජනය කරමින් ඡන්ද ප්‍රචාරක කටයුතු හා වතුකරයේ ද්‍රවිඩ ඡන්ද ජනතාව හමුවීමට එම දිස්ත්‍රික්කයෙන් තරඟ කරන දෙමළ අපේක‍ෂකයිනට නාවලපිටියට ඇතුල්වීමට අලූත්ගමගේ මහතාගේ මැරයන් ඉඩ නොදෙන බවත් එසේම එජාපෙ අපේක‍ෂකයිනටත් ආණ්ඩු පක‍ෂයේ සරත් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල සහ එස්.බී. දිසානායක මහත්වරුනටත් නාවලපිටියේ ඡන්ද කටයුතු සඳහා ඇතුල්වීමට ඉඩ නොදෙන බවත්ය.
ගම්පොළ, නුවරඑළිය පාරේ නාවලපිටියට ඇතුළුවන ස්ථානයේ රටවල් දෙකක සීමා මායිම් ආරක‍ෂාවට සන්නද්ධ හමුදා යොදා ඇති ආකාරයට වාහන 2 ක් සමඟ සන්නද්ධ මැර කණ්ඩායමක් නතර කොට තිඛෙන බවත් කිසියම් හෝ අපේක‍ෂකයකු එම මායිම පසු කර ගියහොත් පහරදී පන්නා දමන බවත් මනෝගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ප්‍රචණ්ඩත්වයකින් තොරව සාමකාමී සාධාරණ මැතිවරණයක් පවත්වන්නට ආණ්ඩු පක‍ෂයේ අපේක‍ෂකයින් පොරොන්දු කරවා ගන්නට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය සිහිපත් කළ එA මහතා අගමැතිවරයා නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයත් එජනිස මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා තරඟ කරන කොළඹ දිස්ත්‍රික්කයේත් ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ බැසිල් රාජපක‍ෂ මහතා කණ්ඩායම් නායකයා ලෙස තරඟ කරන ගම්පහ දිස්ත්‍රික්කයේත් විපක‍ෂයට තහනම් කලාප ක්‍රියාත්මක නොවන බවත් එහෙත් ඉතා සැලැසුම් සහගතව විපක‍ෂයට තහනම් කලාපයක් මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවත්වා ගෙන යන බවත් පැවැසුවේය.
තමා ලබන සතියේ තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නාවලපිටිය යන බව පාර්ලිමේන්තුවට දැනුම්දුන් එA මහතා යම් හෙයකින් තමාට හෝ තමා ආධාර කරුවනට හෝ ජීවිත අනතුරක් සිදුවුවහොත් එහි වගකීම මහින්දානන්ද අලූත්ගමගේ මහතා බාරගත යුතු බව කීවේය.

හදිසිනීතිය සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසන අවස්ථාවේ සිය අසුනින් නැගිට පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණි මනෝගනේෂන් මහතා පහත සඳහන් පාඨය ඇතුලත් පුවරුවක් ප්‍රදර්ශනය කළේය.
zzගරු අගමැති තුමනි, මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ සිදුවන මැර ගමගේ දේශපාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය තහවුරු කරන්නZZ. lanake

0 comments:

Post a Comment